මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේ දී ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නිර්දේශ නවය නොසලකා හරිමින් කතා නායක මහින්ද යාපා අබේවර්ධන ක්‍රියා කර ඇති තත්ත්වය හමුවේ ඔහුට එරෙහිව ඉදිරියේ දී විශ්වාස භංග යෝජනාවක් ගෙන එන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. .
කතානායකවරයා සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නොමැති බවත් ඔහුගේ අනීතික ව්‍යවස්ථා විරෝධි වැඩ පිළිවෙළ එරෙහිව ඉදිරියේ දී කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියි.
ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නිර්දේශ කොටසක් මඟ හරිමින් දේශපාලන නායකයින් ආරක්ෂා කරන පනතට කතානායකවරයා අනුමැතිය ලබා දුන්නේ යැයි චෝදනා කර සිටින සජිත් ප්‍රේමදාස මහතා තමා දේශපාලනය කරන්නේ පවුල හෝ පවුලේ සාමාජිකයන් හෝ වෙන කවුරුන් හෝ රජ කරවන්න නොව රටේ ජනතාව රජ කරවීමට යැයි ද සඳහන් කරයි.
එම නිසා සමගි ජන බලවේගයට ගත යුතු සහ නොගත යුතු පුද්ගලයන් සම්බන්ධයෙන් බලපෑම් නොකරන ලෙස ඉල්ලා සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර ගණනාවක අත්දැකීම් ඇති නිසා නිවැරදි දේ තමා දන්නා බව ද, ජනතාව වෙනුවෙන් සේවය කරන්න නොහැකි නම් නම් පක්ෂය හැරදා ගියාට තමා අමනාප නොවන බව ද අවධාරණය කර සිටියි.
Lanka Newsweek © 2026